"කිරුළපනේ කාඩ්බෝඩ් දුටුගැමුණුලා උත්සාහ කරන්නේ රාජපක්ෂ රෙජීමයේ යූ.එන්.පී. විරෝධය පෙන්නා ආපසු රට සූරා කන්නයි. මීළඟ මැතිවරණයට පෙර මේ කාඩ්බෝඩ් වීරයන්ව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
බොරැල්ල, කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අමතමින් අගමැතිවරයා එම අදහස් දැක්වීය.
"රාජපක්ෂ රෙජීමය සිදු කළේ කුමක්ද? එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට උත්සාහ දැරුවා පමණක් නොව, රටේ සියලූ ක්‍රියාදාමයන් ද විනාශ කර දැමුවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වන විට ඒ වාසිය ජනතාවට නොදී ජනතාවට වැඩි මිලට තෙල් විකුණුවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කළා.අපේ ආණ්ඩුවේ දී වැට් බෝම්බයක් පත්තු කළා කියා රාජපක්ෂ රෙජීමයට කඩේ යන මාධ්‍ය පැවසුවා. අපේ අතේ බෝම්බ නැහැ. අපි පළමු වතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කළා." යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.