කැනඩාවේ පදික වේදිකාවක් වෑන් රථයක් ධාවනය කරවීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයන්ගෙන් හඳුනාගත් පුද්ගලයන් අතර තවමත් ශ්‍රී ලාංකිකයෙක් සිටින බවට තොරතුරු වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම අනතුරින් පුද්ගලන් 10 දෙනෙක් මිය ගිය අතර හඳුනාගත් පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙක් නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් කැනඩවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් හා ටොරෙන්ටෝහි පිහිටා ඇති බෞද්ධ විහාරයේ භික්ෂූන් වහන්සේලා විසින් ශ්‍රී ලාංකික ජාතිකාවක් වන රේණුකා අමරසිංහ නැමැති කාන්තාව මෙම අනතුරින් මියගොස් ඇති බව සිය ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රකාශ කර තිබුණි.