කැනඩාවේ මධ්‍යම ද්වීතික පාසලක් එල්.ටී.ටී.ඊ. කොඩිය පාසලට රැගෙන ඒම තහනම් කර තිබේ.
එම පාසලේ වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයක් සඳහා පසුගිය වසර ද්විත්වය තුළම කොටි හිතවාදී සිසුන් සිය කොඩිය රැගෙන සහභාගී වී තිබෙන හෙයින් මෙවර එම සංදර්ශනයේදී එල්.ටී.ටී.ඊ. කොඩිය තහනම් කිරීමට පාසලේ විදුහල්පතිවරයා තීරණය කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම පාසලේ විදුහල්පති ජිම් රොබර්ට්සන් සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලක්ව තිබෙන කොඩි පමණක් පාසලට රැගෙන ආ හැකි බවයි.
කෙසේ නමුත් ටෙරෙන්ටෝ සන් පුවත් සේවයට අදහස් දක්වන එහි පාසල් සිසුවෙක් වන මාකන්දු පවසන්නේ තම කොඩිය රැගෙන ඒමට අවසර නොදේනම් තමන්ගේ සංස්කෘතිය කෙසේ බෙදාගත හැකිද යනුවෙනි.
කැනඩාව විසින් ඒල්.ටී.ටී.ඊ. සංවිධානය එරට ත්‍රස්තවදී ලැයිස්තුවට 2006 වසරේදී අතුළත් කරනු ලැබීය.