කුරුලු වසුරුවලින් සහ මිනිස් ක්‍රියාකාරකම්වලින් සීගිරි කැටපත් පවුර ආරක්ෂා කර ගැනීම සඳහා වීදුරු හෝ දැල් ආවරණ යෙදීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බව සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පැවසීය.
සීගිරි කැටපත් පවුර නිරීක්ෂණයට විද්වත් කණ්ඩායමක් සමග එක්වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.