සීගිරිය කැටපත් පවුර මත කොණ්ඩ කටුවකින් අකුරු ලියූ 27 හැවිරිදි තරුණියක සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
මඩකලපුව, සිත්තන්ඩි ප්‍රදේශයේ පදිංචි තරුණියක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කොණ්ඩ කටුවකින් ඇයගේ නම සහ ස්තූතියි යන්න ඉංග්‍රීසියෙන් අක්ෂර 10 කින් ලියා තිබේ.
කැටපත් පවුර ආරක්ෂාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හතරදෙනෙකු සේවයේ යොදවා තිබියදී මෙය ලියා තිබෙන බව පොලීසිය කියයි.
කැටපත් පවුර මත ලිවීම හෝ අතගෑම තහනම් බව සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා යන තුනෙන්ම දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කර තිබේ.
දියමන්ති කම්හලක සේවිකාවන් පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ කොණ්ඩ කටුවකින් එක් සේවිකාවක කැටපත් පවුරේ ලියනු දැක පුරාවිද්‍යා ආරක්ෂක අංශ විසින් ඇයව පොලීසියට භාර දී තිබේ.
සැකකාර තරුණිය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, තමන් මෙහි වැදගත්කම පිළිබඳව නොදැන මෙය සිදුකළ බවයි.
සීගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂණ පවත්වයි.
තරුණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.