කාශ්‍යප රජුගේ ඔටුන්නක් ගන්න ගිහින් අත්අඩංගුවට
කාශ්‍යප රජුගේ මැණික් එබ්බවූ ඔටුන්නක් සීගිරි අභය භූමියේ නිධානයක ඇතැයි යන තොරතුරක් මත එම නිධානය හාරා ඔටුන්න ලබාගැනීමට සීගිරි අභය භූමියට පැමිණි පුද්ගලයන් හත්දෙනෙකු අද (08දා) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා කියයි.
ඔවුන් පැමිණි මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් මෙන්ම ඔවුන් සන්තකයේ තිබූ මාලිමා යන්ත්‍රයක් සහ දුර බලනයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවෝ වත්තල, ගල්ගමුව සහ දඹුල්ල ප්‍ර‘දේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම කණ්ඩායම කපුවෙකුද සමග සීගිරිය ගල්ළිඳ ප්‍ර‘දේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පරීක්ෂා කොට නිධානය ලබාගැනීමට රක්ෂිතයට ඇතුළු වූ බවට දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

