එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කර ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් ඒවෙනුවෙන් රජය කාලය දීර්ඝ කිරීගත්තද එයට විරුද්ධ නොබව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අද (27) පැවසීය.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානය කාලය දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට ලිපියක් යවා නැතැයි ද සුමන්තිරන් මහතා කීවේය.
කොළඹ 07 විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවකින් හෙතෙම මේබව කීවේය.