දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර, දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්, සමහර ස්ථානවලට ඉතා තද වැසි (මි.මී. 150 පමණ) ඇති විය හැකි බව ඔවුන් පවසයි.
දකුණු සහ බස්නාහිර පළාත්වල සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 පමණ) ඇති විය හැකි බවත්,ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
එසේම මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශව තාවකාලිකව ඉතා රළු විය හැකි බවත්, එනිසා ධීවර සහ නාවික ප්රජාවන්ටද මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.