ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 11ක පවුල් 4084 කට අයත් පුද්ගලයන් 16446ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුද්ගලයන් දෙදෙනෙකු මියගොස්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී, පුද්ගලයන් දෙදෙනෙකු තුවාල වී නිවාස 163කට අලාභ හානි සිදුව තිබේ.
පවුල් 16කට අයත් පුද්ගලයන් 58 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.