කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය නවීන උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 1975 ක් ඇස්තමේන්තුගත කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තිබෙන නවීන උපකරණ මගින් පෙරට වඩා නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කළ හැකි බවත්, එම තත්ත්වය වර්ධනය කිරීමට ගණිතමය අනාවැකි පළකිරීමේ පද්ධති, ස්වයංක්‍රීය කාලගුණ පද්ධති, අකුණු හඳුනාගැනීමේ පද්ධති, ඉහළ වායුගෝලීය දත්ත ලබාගැනීමේ පද්ධති, ඉහළ වායුගෝල සුළං ලබාගැනීමේ පද්ධති, ස්වයංක්‍රීය දත්ත හුවමාරු පද්ධති ආදිය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.