කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරන බවත් නවීන උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 1975ක් ඇස්තමේන්තු කර තිබෙන බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව කීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තිබෙන නවීන උපකරණ මඟින් පෙරට වඩා නිවැරදි කලගුණ අනාවැකි ප්‍රකාශ කළ හැකි යැයි පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරන බවද පැවසී ය.