කාර්යාල වේලාවන් තුළ ධාවනයවන දුම්රියන් තුළ සුළු සුළු කණ්ඩායම් කාඩ් ක්රීඩාවේ නිරත වීම හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව වාර්තාවේ.
කිහිපදෙනෙකු එකතු වී සිදුකරන මෙම ක්රියාව හේතුවෙන් ඒ ආසන්නයට හෝ මගී ජනතාවට ගමන් කිරීමට නොහැකි වී ඇති අතර, කාර්යාල වේලාවන්හිදී දුම්රිය මැදිරිතුළ පවතින අධික තදබදය නිසා විශාල වශයෙන් මගී ජනතාව අපහසුතාවට ලක්ව තිබේ.
පොල්ගහවෙල සිට මොරටුව දක්වාත්, මහව හන්දියේ සිට කොටුව දක්වා, කොටුව-ගනේවත්ත දක්වා, කොටුව-රඹුක්කන දක්වා, මාතර - මරදාන, ගාල්ල - මරදාන, මරදාන - මාතර සහ මරදාන - ගාල්ල දක්වා ගමන්ගන්නා දුම්රියවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බවද මගී ජනතාව පෙන්වා දෙති.