මෝටර් රථ නිෂ්පාදකයාගේ වටිනාකම පදනම් කරගෙන අලුතින් රේගු වටිනාකම් රජය විසින් තීරණය කිරීමත් සමග ජපන් මෝටර් රථයක රේගු බදු රු.ලක්ෂ 7 සිට රු.ලක්ෂ 12 දක්වා වැඩිවන බව මෝටර් රථ ආනයනකරුවෝ පවසති.
ඒ අනුව, ටොයොටා ඇක්වා රථයක රේගු බදු රු.770,000/- කින්, ටොයොටා ඇක්සිඕ රථයක රු.703,000/- කින්, ටොයොටා ප්රෙමිඕ/ඇලිඔන් රථයක රේගු බදු රු.6,75,000/- කින්, ටොයොටා ප්‍රියුස් රථයක රේගු බදු රු.11,20,000/- කින්, ටොයොටා හැරියර් රථයක රේගු බදු රු.11,50,000/- කින්, මිටිසුබිෂී අවුට්ලෑන්ඩර් රථයක රේගු බදු රු.8,52,000/- කින් වැඩි කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමලේකම් නිශාන්ත පෙරේරා මහතා 'අද' ට පවසා සිටියේ, නිෂ්පාදිත භාණ්ඩයේ රේගු බදු ගණනය කරන මූලික මිල (Base Price) වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි. ඒ නිසා අඩුම තරමින්, ජපන් වාහනයක් රු.ලක්ෂ 7 ත්, ලක්ෂ 12 ත් අතර ප්‍රමාණයකින් හෙට (08දා) සිට වැඩිවනු ඇති බව හෙතෙම පැවසීය. එමෙන්ම, මෙම නව රේගු බදු වැඩිවීමට සාපේක්ෂව මෝටර් රථවල මිලද ඉහළ යනු ඇති අතර, මේ සම්බන්ධයෙන් බලවත් විරෝධයක් දක්වන බවද ඔහු පවසා සිටියේය.
කෙසේ වෙතත්, මෙම වාතාවරණය තුළ ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.