ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක නිල සංචාර සිදුකිරීමට සිටි කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා එම සංචාර සියල්ලම අවලංගු කර තිබේ. ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව යන රටවල්හි ඔහු නිල සංචාර සිදුකිරීමට නියමිතව තිබිණි.
අග්‍රාමාත්‍යවරයා අධික ලෙස කාර්යබහුල වීමත්, ඉදිරියේදී කාම්බෝජයේ පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් ඔහු තවදුරටත් කාර්යබහුල වීම හේතුවෙන් මෙම සංචාර අවලංගු කිරීමට සිදුවූ බව එරට අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනය කරයි.