කාබනික ගොවිතැනේ නිරත වන ගොවීන්ට අවශ්‍ය බීජ වී නොමිලේ ලබා දීමටත්, වගාව සඳහා අවශ්‍ය වන යන්ත්රසූත්ර පහසුවෙන් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්හ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
වස විස තොර කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා සෙමා ආයතනය (SEMA) සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙල අරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (01දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඉදිරි මහ කන්නය වන විට අඩුම තරමේ ගොවීන් 20,000ක් අතර කාබනික වී වගාව ප්‍රචලිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පියවර ගතයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසර තුළ කාබනික වගාවේ නිරත වන ගොවීන් පිරිස 5000 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම 2017 වර්ෂය තුළ කාබනික වගාවෙන් ලබා ගත් වී අස්වැන්නෙන් හාල් කිලෝග්‍රෑම් ලක්ෂ 60ක් එම වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත්කිරීමට හැකිව තිබේ.