වස විසි වලින් තොර කෘෂිකර්මාන්තයක් උදසාත් කාබනික පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙනුත් නව වැඩසටහනක් පැවැත්විමය රජය තීරණය කර තිබේ.
ඒ අනුව මාර්තු මස 06, 07, 08 දිනයන්හි මෙම වැඩසටහන පැවැත්වෙන බවත් එහිදී නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ඉදිරිපත්කරන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
පොහොර සහනාධාරය ඇතුථ ගොවි ජනතාවගේ ගැටථ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලූ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේඅවස්ථාවට එක්ව සිටියහ.