ප්‍රසිද්ධ රුපවාහිනී නාළිකා දෙකක පැවත්වෙන රියැලටි වැඩසටහන් වලින් පැවත්වූ ප්‍රේෂක ප්‍රතිචාර තරගවලින් මුදල් ජයග්‍රහණ හිමිවී ඇති බව කියමින් කාන්තාවන්ට ඇමතුම් ලබාදී මුදල් වංචා කිරිමේ ජාවාරමක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වේ.
ඒ අනුව ජයග්‍රාහී මුදල ලබාගැනීමට ලියාපදිංචි ගාස්තුව වශයෙන් රුපියල් 15,000 ක් හා 25,000 අතර මුදලක් ඊෂි කෑෂ් මගින් රූපවාහිනී ආයතනයට බැරකළ යුතු බවට ඇමතුම් ලබාදෙමින් මෙම මූල්‍ය ජාවාරම සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මේ අකාරයේ ඇමතුම් අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි කාන්තාවන් විශාල පිරිසකට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.