කාන්තාවන් 65 දෙනෙකු සමග සබඳතා පවත්වමින් ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 300කට අධික මුදල් ප්රමාණයක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.
යක්කලමුල්ල පොලීසිය මගින් සැකකරු පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන තිබේ, ඔහු ඊයේ (25දා) ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (27දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු අම්බලන්ගොඩ ප්රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු කාන්තාවන් රවටා ඉඩම් ඔප්පු උකස්කර මුදල් ලබාගෙන තිබේ.