දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
රොජර් අබ්ඩෙල්මසීහ් නමැති මෙම වෛද්‍යවරයා බ්රසීලියේ, සාඕ පෝලෝ නගරයේ පිහිටි තම වෛද්‍ය ශාලාව වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවන් වසර කිහිපයක සිට මෙසේ අපයෝජනයට ලක්කර ඇති බවට චෝදනා ලැබ තිබේ.
ඒ අනුව, ඔහුට විරුද්ධව පැවරුණු නඩුවකදී මෙම වෛද්‍යවරයාට වසර 278ක සිර දඬුවමක් නියම වුවද, 2011 වසරේ සිට පොලීසියට කට්ටි පනිමින් ඔහු රටින් පැන ගොස් ඇත.
කෙසේ වෙතත්, මෙම තැනැත්තා තම බිරිඳ හා දරු දෙදෙනා සමග පැරගුවේ අගනුවර ධනවතුන් ජීවත්වන ප්‍රදේශයක සිටියදී මෙසේ පැරගුවේ විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.