1935 වසරෙන් පසුව පොක් සමුද්‍ර සන්ධිය ඔරුවකින් (kayaking) තරණය කළ පළමු කාන්තාව බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ හෙලන් රොබ්සන් සමත්වූවාය.
ජර්මනියේ සිට ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටින හෙලන්ගේ සංචාරයට සමගාමීව ඇය මෙසේ පොක් සමුද්‍ර සන්ධිය තරණය කරන ලදී.
පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන 6.45ට ඇය තලෙයි මන්නාරමෙන් පිටත්ව තිබෙන අතර එදින සවස 4.15ට ඇය ධනුෂ්කෝඩෙයි වෙත ළගා වී තිබේ.
ඇයගේ ආරක්ෂාවට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ඉන්දියානු වෙරළාරක්ෂක නිළධාරින් සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
'ද හින්දු' ඇසුරෙනි