තමා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා පිරිමින් විසින් ගෙන ඇති තීරණයට කාන්තාවක ලෙස බිය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ හිටපු සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංග මහත්මිය පැවසුවාය.
මැයි පළමුවැනිදා තමා යන්නේ කිරුලපනටද,එසේත් නැත්නම් ගාල්ලටදැයි නිරීක්ෂණය කිරීමෙන් පසුව තීරණයක් ගතයුතුව තිබුණද පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයා මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගසා ඇති බවද ඒ මහත්මිය කීවාය.
“මුලින්ම මාධ්‍යයට දැනුම්දීම අලුත් ක්‍රමයක් වෙන්නැති.පැරදි පැරදි තිබුණු බෙන්තර ඇල්පිටිය ආසනය විශාල ඡන්ද සංඛ්‍යාවකින් එක්සත් ජාතික පක්ෂය පරද්දලා ජයග්‍රහණය කෙරෙව්වේ මම.මන්ත්‍රී කෙනෙකු නැතිව අවුරුදු 20 ගාණක් මිනිස්සු ළතැවෙමින් සිටිය ආසනයක් මේක. දකුණු පළාතෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආපු එකම ගැහැනිය මම.
මම කාන්තාවක් හැටියට පිරිමින්ගේ ඔය වැඩවලට බයවෙන්නෙ නෑ.මම හරි තීරණේ ගත්තා.ඒ අයට ඕන දෙයක් කරන්න කියන්න.ඉස්සෙල්ලා ඒ අය බලන්න ඕන මම කිරුලපනටද එන්නෙ ගාල්ලටද එන්නේ කියලා.මුහුද හත්ගව්වක් තියලා එයාට අමුඩ ගහන්න බැහැ.ජනාධිපති කියන්නේ පොඩි ළමයෙකු නෙවෙයි” යනුවෙන්ද ඇය සඳහන් කළාය.