කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහිව හිංසනය පිටු දැකීම සඳහා වන කොමිෂන් සභා වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්ය බළකායක් පත් කරන බව අද (08දා) අනුරාධපුරයේදී පැවති ජාතික කාන්තා දින උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එහිදී අගමැතිවරයා අවධාරණය කළේ ලබන වසරේ මාර්තු 08 වැනිදාට පෙර මෙම සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීම කාර්ය බළකායේ වගකීම බවයි.
මෙම කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරය දරන සමයේ එතුමා විසින් ස්ථාපිත කරන ලද අතර, එහි වාර්තාව පසුගිය සිකුරාදා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.
එම බළකායේ සාමාජිකාවන් ලෙස කටයුතු කරනුයේ මහාචාර්ය කමිනා ගුණරත්න, කුමුදුනී සැමුවෙල්, ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ, චූලනී කොඩිකාර, ශ්‍රීන් සරූර්, ඇන්බ්රියා හනිෆි, ශාන්ති සචිතානන්දන්, ආචාර්ය අනුෂා එදිරිසිංහ, ආචාර්ය අනුරුද්ධි එදිරිසිංහ යන මහත්මීන්ය.