කාන්තා ගෘහ මූලික පවුල් නැංවීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය කිලිනොච්චියේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
කිලිනොච්චි ප්‍රදේශයේ කාන්තා ගෘහ මූලික පවුල් වැඩිවශයෙන් තිබීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට හේතුව බවද අග්‍රාමාත්‍ය කාර්යාලන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
උතුරු ප්‍රදේශයේ පමණක් කාන්තා ගෘහ මූලික පවුල් 50000ක් පමණ සිටින බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.