ක්‍රීඩාව හා අධ්‍යාපනය නංවාළීම උදෙසා පසුගිය කාලවලට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අනිද්දා (08දා) හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිත සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (08) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ක්‍රීඩා පාසල්වලට අවශ්‍ය පහසුකම් සපයාදීම, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා පහසුකම් සපයා දීම වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන බවයි.
එමෙන්ම මෙහිදී ක්‍රීඩාව සඳහා වත්මන් පාසල් ශිෂ්‍යයන්ගේ යොමුවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එය අද වනවිට 10% ක් වැනි ඉතාම අවම මට්ටමක් ගන්නා බවයි. කායික හා මානසික තත්ත්වය නංවාළීම උදෙසා ක්‍රීඩාව අත්‍යවශ්‍ය වන බැවින් මෙම පාසල් ක්‍රීඩා තරගාවලිය වර්තමානයේදී යුගයේ අවශ්‍යතාවක් වී ඇති බවද මෙහිදී ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.