ක්‍රීඩාව, ක්‍රීඩාව කරන අයට භාරදෙන බවත් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව කලින් දැන නොසිටි බවත් නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. බීබීසී සන්දේශයට සිදුකළ වීමසීමකදී හෙතෙම මේබව පැවසීය
"අද දවල් එකොළහමාරට මට කෝල් එකක් දීල කියන කොට තමයි මම දැනගත්තේ මට ඇමති ධුරයක්. මම ඒත් දන්නේ නෑ," කෙටි අධ්‍යයනයකින් පසුව නව අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
"මට වුවමනා වෙලා තියෙන්නේ ක්‍රීඩාව, ක්‍රීඩාව කරන අයට භාරදීලා, මගේ පාඩුවේ ක්‍රීඩා ඇමතිවරයා විදියට වැඩ කරන්න."