(UPDATE) ක්‍රීඩා නිලධාරීන් මේ වන විට අරලියගහ මන්දිරය වෙත ගොස් සිටියි. කැරළි මර්දන ඒකකයද කැඳවා තිබේ. වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව පවත්වති.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරින්ගේ සංගමය සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියි.
ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වනු ලබයි.
විරෝධතාකරුවෝ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතට ගමන් කිරීමේ සූදානමින් පසුවෙයි.