කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන්නේනම් ඉදිරියේදී තරගාවලීන්ට සහභාගි වීමට නොදෙන අතර, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඇතැම් ක්‍රීඩකයන් ලංකාව තුළ ශාරීරික යෝග්‍යතාව ඇතිකර ගෙන ගොස් ඉන්දියාවට ක්‍රීඩා කරන බවත්, එසේ බලනවිට ඔවුන් ලංකාවට වඩා මුදලට ක්‍රීඩාකර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේ, අද (21දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය.
"සෑම ක්රීඩකයෙකුම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ඉදිරිපත් විය යුතුයි. එයින් සමත්වුණොත් ඔවුන් අනුමත කරනවා. එහෙම නැතිවුණොත් කොයිතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් අනුමත කරන්නේ නැහැ. මොකද ඒගොල්ලො ලංකාවේ ශාරීරික යෝග්‍යතාව හදාගෙන ගිහිල්ලා ඉන්දියාවට සෙල්ලම් කරනවා. ඒ අනුව සමහර අය ලංකාවට නෙවෙයි සල්ලිවලටයි වැඩිපුරම සෙල්ලම් කරලා තියෙන්නෙ. ඉදිරියේදී තරගවලදී මම අනුමත කරන්නේ ශාරීරික යෝග්‍යතාව සමත්වුණු ක්‍රීඩකයන් පමණයි. එහෙම නැතිවුණු කිසිදු ක්‍රීඩකයෙක් අනාගත තරගාවලීන් සඳහා යවන කිසිම සූදානමක් නැහැ. එයට අදාළ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නෙ"