බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශනයක් ආරම්භ කර නොමැති බව වාර්තාවෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් මෙම පහරදීම සිදුකළ බවට මාධ්‍ය වාර්තා පළවිය.
එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් බලා ගිය දූත මණ්ඩලයට ඇමෙරිකාවේ පදිංචි ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේදී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම පහරදීම සිදුව තිබේ.
එසේම සිය ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයට තවම ලැබී නොමැති බවත් වර්තාවෙයි.
හෆීල් ෆාරිස්