බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදුන් බවට සඳහන් වන කරුණු සත්‍යදැයි අද (30දා) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී මාධ්‍යවේදීහු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළහ.
එහිදී මුලින්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එසේ ලිපියක් භාරදී ඇති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු මාධ්‍යයට පැවසීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසු අමාත්‍යවරයා කියා සිටියේ එවන් ලිපියක් මේ වනතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම පරස්පර පිළිතුරු හේතුවෙන් මාධ්‍ය හමුව තරමක් උණුසුම්විය.