ඔස්ට්‍රේලියාව වෙත බෝට්ටු මගින් අනවසරයෙන් සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික දෙමළ තරුණයන්ගෙන් සමන්විත ඕෂන් 12 නමැති ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රිකට් ක්‍රීඩාව හා යුද සමය උලුප්පා දක්වමින් ඔස්ට්‍රේලියාවේ පදිංචිය ලබාගැනීමට වෑයම් කරන බව වාර්තා වෙයි.
ඔවුන් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන සබර්බන් ලීග ක්‍රිකට් තරගාවලියේ දස්කම් දක්වමින් සිටින බවත්, මෙවර තරගාවලියේ අවසන් තරගය වෙනුවෙන් තරග වැදීමට සූදානම් වන බවත් කියා තිබේ.
සරණාගතයන් ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වී ඇති මොවුන්, මේ වනවිට සංක්‍රමණික කඳවුරුවලින් පිටත තාවකාලික බලපත්‍ර මත ජීවත්වන බවද වාර්තා වෙයි.
ඕෂන් 12 නමැති මෙම ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු වූ උදය කුමාර් නමැත්තා බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ තමන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට නොහැකි බවය. යුද කාලයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් නිසා ඇතිවූ මානසික බිඳ වැටීම තවමත් පවතින බව පවසා ඇති ඔහු, 2012 ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවට ඇතුළු වී ඇති බව පවසා තිබේ.
මොවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඇති අවදානම හේතුවෙන් දැනට මුහුණ දෙන ආතතිය අඩුකර ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බවය.
මෙසේ කණ්ඩායමක් සෑදී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමෙන් තමන්ද ඔස්ට්‍රේලියානු සමාජයේම කොටසක් ලෙස දැනෙන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත්, මේ සියලු කතා හරහා ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව ඔස්ට්‍රේලියානු පදිංචිය ලබාගැනීම බව නම් පැහැදිලිය.