2009 වසරේදී තමන්ව ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට මැදිහත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට දැන් හෙළි වී ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසයි. පෙරේදා (23දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
‘‘මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කළ නිසා මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්තා කියලා මගේ සහෝදර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා (බස්නාහිර ඇමති) පවසලා තිබුණා. මං ඇත්තටම මෙපමණ කාලයක් හිතාගෙන හිටියේ එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්තයා තමයි මාව ක්‍රිකට් සභාපති ධුරයෙන් අයින් කළේ කියලා. නමුත් දැන් මම ඇත්ත දන්නවා. මොකද ප්‍රසන්න මහත්තයා අපට වඩා තොරතුරු දන්න නිසා.
හිටපු ජනාධිපතිතුම පැවසුවා ඔයා අයින් කළේ මම නෙමෙයි ක්‍රීඩා ඇමති ගාමිණී ලොකුගේ මහත්තයා කියලා. ඇත්තටම මට ඒකෙන් පාඩුවක් වුණේ නැහැ. ඒක මට ලොකු වාසියක් වුණා. මොකද මට හුඟක් කාලයක් ලැබුණා මගේ දේශපාලනය කරන්න. ඒ වගේම එය ලොකු උදව්වක් වුණා හොඳින් සැලසුම් කරලා ආණ්ඩුව ගෙදර යවන්න. ඉතිං මම හිතන්නේ ප්‍රසන්න බොහෝ දේ දන්න කෙනෙක් විදියට එයාගේ වචනය පිළිගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ තමයි මාව ක්‍රිකට් බෝඩ් එකෙන් අයින් කළේ. එහෙම අයින් කළේ මම එතැන හොරකම් නවත්තපු නිසා. යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.