ක්රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේම වැටුප් වැඩි කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ. ක්රිකට් ආයතනයේ තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වය යටතේ පැවැති අවසන් විධායක කමිටු රැස්වීමේදී වැටුප් වැඩිකිරීම්වලට අදාළව ඉදිරිපත් වූ යෝජනාවලට එහි අනුමැතිය ලැබී තිබේ.
ප්රධාන වශයෙන්ම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතාගේ මූලික වැටුප 30%කින් හා ප්රධාන මෙහෙයුම් නිලධාරී ජෙරෝම් ජයරත්න මහතාගේ මූලික වැටුප 15%කින් ඉහළ දැමීමට විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
මෙම වැටුප් වැඩිකිරීම් ජුනි 01 දා සිට ක්රියාත්මක වෙයි. එසේම තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේම වැටුප් වැඩිකර තිබේ.