ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් පිළිබඳ කරුණු කියාපෑමට ඉක්මන් අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් නව රජයෙන් ඉල්ලීමක් කළද, තවමත් එය ඉටුනොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූයේ යැයි කියන දුෂණ වංචා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (02දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ හෙතෙම මාධ්‍ය වෙත මේ අදහස් පළ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, සිය පැමිණිල්ලේ ප්‍රධාන වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා නම් කොට ඇති බවත්, සෙසු වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ හා ක්‍රිකට් විධායක කමිටුව නම් කොට ඇති බවයි.
එසේම මෙම පැමිණිල්ලෙන් චෝදනා 25 කට අදාළ කරුණු ගොනුකර ඇති බවද ඔහු පවසා සිටියේය.