සඳහා රණතුංග පවුලේ සහෝදරයන් වන වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා වර්තමාන ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා තරග වැදීමට නියමිතය.
අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණයේදී සභාපති තනතුර සඳහා රණතුංග සොහොයුරන් සමග එහි වර්තමාන සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද තරගවැදීමේ සූදානමින් පසුවෙයි. කෙසේ වෙතත් හිටපු සභාපති මෙන්ම ජයන්ත ධර්මදාස මහතාගේ සොයුරු උපාලි ධර්මදාස මහතා නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.
'නිලවරණයට ඉදිරිපත් වෙන්න කියලා විවිධ පාර්ශ්ව මගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව සභාපති තනතුර සඳහා තරග වැදීමට තීරණය කළා' යැයි නිශාන්ත රණතුංග මහතා 'අද' කළ විමසුමකදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධ කරගැනීම සඳහා අප උත්සාහ කළද එය අසාර්ථක විය. කෙසේ වෙතත් මීට ඉහතදී රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වන බවයි.
ඊට අමතරව වර්තමාන ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාද සභාපති තනතුර සඳහා තරග වැදීමට සූදානම් බව 'අද' කළ විමසුමකදී ඔහු පැවැසීය.
කෙසේවෙතත් තමන් නිලවරණය සඳහා ඉදිරිපත් නොවන බව උපාලි ධර්මදාස මහතා සඳහන් කළේය.
එසේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගෙන්ද අප මේ පිළිබඳව විමසා සිටි අතර, ඔහු සඳහන් කළේ නිලවරණයට ඉදිරිපත් වීමට අදහසක් තිබෙන බවත් තමා ඉදිරිපත් කරන පස් අවුරුදු සැලසුමට අනුමැතිය දෙනවා නම් ඒ සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බවත්ය.
'මේක ගැන සාමාජිකත්වයත් එක්ක කතා කරලා තමයි අවසන් තීරණයක් ගන්නෙ. ලොකු පැමිණිල්ලක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම තැනකින්ම වැටිලා කියලා. පාලනය, මුදල්මය අතින්, ජාතික කණ්ඩායම, දේශීය ක්‍රිකට් ඔක්කොම. ඒ නිසා අපි බලන්නෙ හැමෝම ගෙනල්ලා හොඳ පස් අවුරුදු සැලැස්මක් හදන්න. හදන සැලැස්ම පදනම් කරගෙන බලන්න ඕන මොකක්ද කරන්නෙ කියලා. ඊටපස්සෙ සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කරන්න තමයි බලන්නෙ. ඒ කණ්ඩායමේ නායකත්වය මට දෙන්න ඕන කියලා කිවුවොත් නායකත්වය ගන්නවා. අපි කරන්න ඕන සැලැස්ම හදාගන්න එකයි. ලෝක කුසලානය ඉවර වුණාම තමයි බලන්න ඕන කොහොමද එන්නෙ කියලා' යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ධුරය පිළිබඳව මෑතකාලීනව සලකා බැලීමේදී උපාලි ධර්මදාස මහතා අවස්ථා දෙකකදීත්, තිලංග සුමතිපාල මහතා අවස්ථා තුනකදීත්, ජයන්ත ධර්මදාස මහතා අවස්ථා දෙකකදීත්, අර්ජුණ රණතුංග මහතා එක් අවස්ථාවකදීත් එම තනතුර හොබවා තිබේ.