අන්තර්ජාතික ක්‍රිකට් තරග විකාශය නැවත වරක් ජාතික රූපවාහනියට හා ගුවන් විදුලි සංස්ථාවට ලබාගැනීමට අදාළව කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.
කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේදී අද (29දා) එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් දැක්වීය.
දැනට සි.එස්.එන්. නාළිකාවෙන් ක්‍රිකට් තරග විකාශය ලබා දෙයි. එම ගණුදෙනුව නීතිවිරෝධී බවට විවිධ පාර්ශ්ව චෝදනා කළේය.
මේ අතර කොළඹ තුරඟ තරග පිටිය සියලුම ක්‍රීඩා සඳහා විවෘත කිරිමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.