ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් තවත් ගත යුතු ක්‍රියාමාර්ග තිබේ නම් පවසන ලෙසත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කැබිනට් හමුවට පැමිණි මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව කලබල නොවිය යුතු බවත් ශ්‍රී ලංකාව දක්ෂතා අතර සිටි කණ්ඩායමක් බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ දක්ෂ ඉන්දීය කණ්ඩායම සමග බවත් ඉදිරියේදී කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බවත් ඔහු පැවැසීය. ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුත්තේ නිලවරණයකින් බවත් ඔහු පැවැසීය.