ක්‍රීඩාවේ විනාශයට හිටපු ජනාධිපතිතුමා වගකිව යුතුබව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා මෙරටට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළි ගැනීමට පවා අද කිසිවෙක් ඉදිරිපත් නොවන බවයි. එය අද අප ක්‍රීඩාවේදී මුහුණ දෙන ඛේදවාචකයක් බවද අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.
“මේ ක්‍රීඩාව පහුගිය කාලේ දේශපාලනීකරණය වුණා. එක එක දේශපාලඥයෝ බැලුවේ ක්‍රීඩකයෙක් ළඟින් තියාගෙන පින්තූරයක් අරගෙන මැතිවරණ වලට ගිහිල්ලා ජයග්‍රහණය කරන්න. ඒක පහුගියකාලේ සිද්ධ වුණා. අමතක කරන්න එපා මේ රටේ ක්‍රීඩක කොට්ඨසයක් පසුකාලේ හිටියා. ඔවුන් තමන්ගේ රටේ ජාත්‍යන්තර තරගවලට යන්නේ නැතිව පුද්ගලික තරගාවලිවලට යන්න හිටපු ජනාධිපතිතුමාගෙන් අවසර ගත්ත රටක් මේක. ඒ දවස මගේ ජීවිතයේ ලොකුම කණගාටුදායක දවස. මොකද මම එතකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙලා හිටියේ. මං කිව්වා මේක කරන්න එපා, රටේ තරග නවත්තලා පෞද්ගලික තරගවලට යන්න අවසර දෙන්න එපා කියලා. මං කිහිපවතාවක්ම එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයාගෙනුත් හිටපු ජනාධිපතිවරයාගෙනුත් ඉල්ලා සිටියා එහෙම කරන්න එපා කියලා. නමුත් ඒකට ඔවුන් සවන් දුන්නේ නෑ. මම හිතනවා, එදා ඉඳලා තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය පටන්ගත්තේ. දැන් අපි කළ යුත්තේ කුමක්ද? අතීතයේ සිදුවූ දෙයින් ඉගෙන ගෙන වර්තමානය සහ අනාගතය හදාගැනීම තමයි දැන් අපි කළ යුත්තේ” යනුවෙන් හෙතෙම මේ බව පැවසූවේ අද (12) පැවති “සේව් ද ස්පෝට්ස් ඉන් ශ්‍රී ලංකා” ක්‍රීඩා පුහුණු කඳවුර සහ වැඩමුළුවට සහභාගි වෙමිනි වේයන්ගොඩදීය.