ලංකාවේ දූෂිතම ආයතනය ක්‍රිකට් පාලක මණ්ඩලය නොව වරාය අධිකාරිය බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අත්තනගල්ල, තල්ගස්මොටේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව ඊයේ (09දා) පැවැසීය.
එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහා පරිමාණ වංචා දූෂණ නතර කිරීමට තමන්ට හැකි වූ බවද ඔහු කීවේය.
"මම වරායේ වැඩ භාර ගන්නා අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කිව්වා වරායේ කුණු ශුද්ධ කරන්න මුහුදේ තියෙන වතුර මදි වෙයි කියලා. ඇත්තටම මේක තමයි ලංකාවේ තියෙන ලොකුම හොර ආයතනය. මම හිතුවේ මීට පෙර ක්‍රිකට් ආයතනය තමයි ලොකුම හොර ගුහාව කියලා. නමුත් වරාය ඊටත් වඩා ලොකු හොර ගුහාවක්." යැයි අමාත්‍යවරයා පැවැසීය.