ෙශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් හෙට (02දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණයන්ට අදාළව පවතින ලිපි ගොනු කිහිපයක් අස්ථාන ගත කිරීමේ සැලැස්මක් පවතින බවට මීට ඉහතදී මන්ත්‍රීවරයා චෝදනා කළේය.