මූල්‍යමය වශයෙන් ශක්තිමත්ව තිබූ කි‍්‍රකට් පාලක මණ්ඩලය බංකොළොත් තත්ත්වයට පත් කරනු ලැබුවේත් ගුවන් සේවය මුඩුබිම් කළේත් මහින්ද රජපක්ෂ පාලනය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මැද කොළඹ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා,
“ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණය දකින කොට ඇස් නලියපු අය සූරියවැව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික කි‍්‍රකට් ක්‍රීඩාංගණය ඉදි කළා. එහි මැච් 3 යි ගැහුවේ. දශ ලක්ෂ හයදාහක් වරායෙන් ගැහුවා ඒකට. වරාය බංකොළොත් වුණා. ඒ විතරක් නෙමෙයි, කි‍්‍රකට් බෝඞ් එක බංකොළොත් කළා. රටේ මූල්‍යමය වශයෙන් ශක්තිමත්ව තිබූ කි‍්‍රකට් බෝඩ් එක බංකොළොත් කරලා ණය කාරයෝ කළා.
2009 වසරේදී කටුනායක ගුවන් තොටුපොළට දිනකට ගුවන් යානා 200 ක් පමණ ගොඩබස්වනවා. ඒ නිසා ඉක්මනට දෙවන ගුවන් පථය එතන ගහන්න කියලා. එතුමා කළේ මොකද්ද, දෙවන ගුවන්පථය ගැහුවා මත්තල. මේක බණ්ඩාරනායක අනුස්මරණනේ. රාජපක්ෂ අනුස්මරණ ගුවන් තොටුපොළ කියල එකක් ගැහුවා මත්තල. එක ගුවන් යානයක්වත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි ප්‍රකෝටි ගාණක් පාඩු කරලා බිමට වැට්ටුවා.
වරායේ නැගෙනහිර, බටහිර පර්යන්ත හදනවා වෙනුවට හැදුවා හම්බන්තොට හම්බන්තොට හැදුවා රාජපක්ෂ අන්තර්ජාතික වරාය. එක නැවක් නැහැ. බලයොයි, කෙලවල්ලොයි විතරයි. මේ හැමෝම රුපියල් 2000 ගානේ ගෙරාජපක්ෂ වරාය නඩත්තු කරන්න ගෙවිය යුතු බවත් මතක තබා ගන්න.
ඒ වගේම හම්බන්තොට ගැහුවා අතිවිශාල ගුවන් පාලම්. ඒවායේ අද කබරගොයොයි, තලගොයි යන්නේ. අපි හදපු රාජගිරිය ගුවන් පාලමේ දවසකට වාහන එක් ලක්ෂ හැත්තෑහතර දාහක් යන බව මතක තියා ගන්න.” යැයි ද පවසා සිටියේය.