ඔස්ට්‍රේලියානු ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ක්‍රවුන් රිසෝට්ස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව තිබේ.
සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත පෙන්වාදෙන පරිදි පැකර්ගෙන් හිස්වන සමාගමේ සභාපති ධුරයට රොබට් රැන්කින් පත්වනු ඇත.
ඒ අනුව, පැකර් ඉදිරියේදී සමාගමට අනුබද්ධ මැකවු හා පිලිපීන් රාජ්‍යයන් හි කැසිනෝ ව්‍යාපාර මෙහෙයවන මෙල්කෝ ක්‍රවුන් හි සම-සභාපති ධුරයේ කටයුතු කරනු ඇති බව පැවසෙයි.