ඉන්දීය ආහාර ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණයකට අනුව එරට ප්‍රකට ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදන පෙළක් අනාරක්ෂිත හා උපද්‍රව සහිත බව තහවුරු වී ඇතැයි බී.බී.සී.ය නිවේදනය කරයි.
එරට ආහාර ආරක්ෂණ හා තත්ත්වය පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට චෝදනා නඟන්නේ ඔවුන් නියමිත ආහාර ආරක්ෂණ රෙගුලාසි කඩකර ඇති බව පවසමිනි.
මේ අනුව, අදාළ බහුජාතික සමාගමේ ඉන්දියානු ශාඛාව විසින් එරට වෙළෙඳ සැල්වල ඇති තම නිෂ්පාදන නැවත කැඳවීමක් කර ඇති අතර, අදාළ නිෂ්පාදනයන්ගේ නියැදි පරීක්ෂා කිරීමේදී ප්‍රමාණය ඉක්මවූ ඊයම් සාන්ද්‍රණයක් ඒවායෙහි පැවතීම මීට හේතු වී තිබේ.
මෙම සමාගමේ ප්‍රකට ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදන ඉන්දීය වෙළෙඳ පොළේ අංක එකේ ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදන පෙළ බවට පත්ව සිටියේය.