පවතින වර්ෂා තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අඟලවත්ත, බුලත්සිංහල, මතුගම සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හා ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තිබෙන කඳු නාය යාමටක ලක්විය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නැවත දැනුම් දෙනතුරු මෙම අවදානම් තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, පස් කඳු, ගංගා ඉවුරුවල ආසන්නයේ ජීවත්වන ජනතාවද සිදුවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම ආයතනය සඳහන් කරයි.
ඇදහහැළෙන වැසි තත්ත්වය නිසා කළුගඟ, ගිංගඟ, පිටාර ගැලීම සිදුවිය හැකි නිසා එම ගංගා දෙපස ජීවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග හා ජල විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.