කළු ගඟේ ඉහළ ප්රදේශවලට අධික වැසි තත්ත්වය නිසා කළුතර, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර, කිරිඇල්ල, ඇලපාත, රත්නපුර ප්රදේශවල හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා මෙම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.