පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි දැනට දමා ඇති කළු කොඩි ඉවත් කරනතුරු කිසිදු ශිෂ්‍ය ඉල්ලීමක් සලකා නොබලන බව එහි උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.
කළුකොඩි දමා තිබියදී විශ්වවිද්‍යාලයේ කටයුතු පවත්වාගෙන යා නොහැකි බැවින් අද සවස ශිෂ්‍යයන්ට විරුද්ධව මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඒ මහතා සඳහන් කළේය.
දැනට පනවා ඇති පන්ති තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු ඊයේ දිනයේ සිට මේ මොහොත දක්වා කළුකොඩි දමා සනාතන මන්දිරය ඉදිරිපිට රැඳී සිටිති.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ සඳහන් කළේ තමන්ගේ ඉල්ලීම් ඉටුකරන තුරු සනාතන මන්දිරය අසළ රැඳී සිටින බවයි.