නිදහස් දිනයේදී කළු කොටින්ට නිදහස ලැබෙන, කොටි ත්රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ගත්, ඒ වෙනුවෙන් කැපවූ අයට සහ ඔවුන්ගේ පවුල්වලට හිරගෙවල් ලැබෙන යුගයක් ඇති වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහතා මේ බව සඳහන් කළේය. “2011 වසරේ මැතිවරණ සමයකදී පෙළපාළියක් ගියා කියමින් ඒ ගැන ප්රශ්න කළා. ඉදිරියටත්එන්න කියන්න ඉඩ තියෙනවා. ඒ වගේම දරුවන්ට විරුද්ධවත් ඉදිරියේදී පැමිණිලි කරන්න ඉඩ තියෙනවා. 18 වැනිදා නුගේගොඩ රැලියෙන් පස්සෙ යහපාලන බලධාරීන් බොහෝ විස්සෝපයට පත්වෙලා. එතුමන්ලාගේ හෘද ස්පන්දන වේගය වැඩිවෙන තරමට අප මේවාට කැඳවන ප්රමාණයත් වැඩිවෙන්න පුළුවන්” යනුවෙන් හෙතෙම ප්රකාශ කළේය.
නීතිඥ කපිල ගමගේ මහතාද වීරවංශ මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබිණි.