ගංවතුර, නායයෑම්, සුනාමි ඇතුළු විවිධ ස්වාභාවික ආපදා හමුවේ එම විපත් කළමනාකරණය කරමින් මානව හා භෞතික සම්පත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෘත්තිකයන් බිහිකිරීම සඳහා ලංකාවේ ප්‍රථම වරට ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
එකවර 150 දෙනෙකුට පුහුණුව ලැබිය හැකි ආකාරයට මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 2096ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.