'ඊළඟට උඹ පරිස්සම්වෙයන්' යනුවෙන් ආණ්ඩුවේ මිත්ර මන්ත්රීවරුන් තමන් සමග පවසන බැවින් සෑම අවස්ථාවකම පරිස්සම්වීමට උත්සාහ ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රීඋදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය සමග එක්වූ ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් අමාරුවේ වැටෙනවානම් ඔවන් වෙනුවෙන් පෙනී සිටීම එයට නායකත්වය දෙන පිරිසේ වගකීමක් බවද ඔහු කීය.
පිවිතුරු හෙළ උරුමයේ කළුතර දිස්ත්රික් ක්රියාකාරීන් හමුවී ඊයේ 14 වැනිදා අදහස් දැක්වූ ඒමහතා,
"අපට විවිධාකාරයේ තර්ජනය කරනවා.ආණ්ඩුවේ මිත්ර මන්ත්රීවරු විහිළුවෙන් කියනවා ඊළඟට උඹ පරිස්සම්වෙයන් කියලා. අපේ කට්ටියනම් ආදරේට කියනවා ප්රවේශම් වෙන්න ඔබතුමාට කරදරයක් කරන්න පුළුවන් කියලා.
කොතරම් ප්රවේශම් වෙනවද කියනවානම් මම කහ ඉර පනින්නෙත් හරි මැද්දට වෙන්න. මොකද බැරිවෙලාවත් කකුලක් එළියට පැන්නොත් රටේ නීති කැඩුවා කියලා අල්ලගෙන යන්න පුළුවන්. අපි හොරකම්,මැරකම්,සල්ලාලකම්කරලා නෑ. ඒ නිසා මේ අයට අපිව ඇතුළට දාගන්න බොරුවක්වත් ගොතාගන්න බැහැ. ඒ ගෙතුවත් හරියන්නේ නැහැ. පුස්වෙඩිල්ලක් බවට පත්වෙනවා. දැන් මේ දඩයම මහා සංඝරත්නය ළඟටම ඇවිත් තියෙනවා" යනුවෙන්ද පවසා සිටියේය.