කසළ බැහැර කිරීමට2015 හා 2016 CMC අසාමාන්‍ය මුදල් ගෙවීම් කරලා
කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැරකිරීමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇතැයි මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීම පිළිබඳ සොයා බැලූ කමිටු වාර්තාව පෙන්වා දී ඇත.
කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සඳහා සිදුකළ වියදම රුපියල් මිලියන 64ක් වන අතර,2015 වර්ෂයේ රුපියල් මිලියන 182ක් ලෙසද, 2016 වර්ෂයේ රුපියල් මිලියන 232ක් ලෙසද එම ගෙවීම් වර්ධනය වී තිබෙන බවද අනාවරණය වී ඇත.
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ කන්ද කඩාවැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06දා) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත බාරදී ඇත.
මෙහිදී මීතොටමුල්ල කසළ බැහැර කිරීම පිළිබඳ කෙටිකාලීන සහ දිගුකාලීන නිර්දේශද කමිටු වාර්තාව තුළ ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම, කසළ දාහක ඉදිකිරීමේ වැදගත්කම ආදියද පෙන්වා දී ඇත.
මෙම කමිටු වාර්තාවට අනුව අදාළ නිර්දේශ සහ යෝජනා කි‍්‍රයාත්මක කිරීම සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යාංශ හා ආයතන වෙත උපදෙස් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි.
ආරම්භයේ සිටම මෙම කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ විසඳුම් ලෙස ඉදිරිපත්කරන ලද යෝජනා නිසි අයුරින් කි‍්‍රයාත්මක නොකිරීමද මෙම ඛේදවාචකයට හේතු වූ බව වාර්තාවේ පෙන්වා දී ඇත.
කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා ජනාධිපතිවරයාට මෙම වාර්තාව බාරදුන් අතර, එහි ලේකම් ලෙස ඩී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

