කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ කැළි කසළ බැහැරකිරීම නිසිලෙස සිදුනොවන බවට ඊයේ (13දා) කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් රැසක් චෝදනා කර තිබේ.
බස්නාහිර පළාත තුළ කැළි කසළ බැහැරකිරීම නිසි පරිදි සිදුනොවන්නේ බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සහ ඔහුගේ නිලධාරීන් එම කටයුතු මගහැර ඇති බැවින් යැයි අමාත්‍යවරුන් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර ඇත.
කැබිනට් මණ්ඩලයේදී අදහස් දක්වමින් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ කැලණිය ප්‍රදේශයේ කැළි කසළ ප්රශ්නය උග්‍රවී ඇති බවයි.
කඩුවෙල ප්‍රදේශයේද කැළි කසළ ප්රශ්නය වර්ධනය වී ඇති බවත්, නිසි පරිදි කසළ බැහැරකිරීම් සිදුනොවන බවත් මෙහිදී අදහස් දක්වමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත.
සති කිහිපයක සිට බොරැල්ල ප්‍රදේශයේද කුණු කඳු කිහිපයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කර තිබේ.
කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට සියලු බලතල පවරා තිබුණද ඔහු සහ ඔහුගේ නිලධාරී මණ්ඩලය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම තුළ කැළි කසළ ප්රශ්නය උග්‍රවී ඇති බවත්, වහාම මේ සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවත් අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.
මධ්‍යම රජය විසින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ තමා දැනට චීනයේ සංචාරයකට එක්ව සිටින බවත් අදාළ කරුණු වාර්තාවූ පසු තමා ක්ෂණිකව ක්‍රියාත්මක වුණු බවයි.
කසළ ප්‍රශ්න දැඩිවී ඇති බවට චෝදනා කරන මෙම අමාත්‍යවරුන්ම අදාළ ප්‍රදේශවල කසළ බැහැර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඉඩ නොදුන් බවටද ප්‍රධාන අමාත්‍යවරයා චෝදනා කළේය.